MAR
12
දුෂ්මන්ත චමීරට නවසීලන්ත එක්දින තරගාවලියත් අහිමි වේ

ශල්‍යකර්මයකට භාජනය වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුෂ්මන්ත චමීරට නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ද මගහැරෙන බව වාර්තා වේ. ඔහු තවදුරටත් යහපත් ශාරීරික යෝග්‍යතාවක නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් නවසීලන්තය සමග පැවැත්වෙන 20 – 20 තරගාවලියට දුෂ්මන්ත චමීර එක්කර ගැනීමට උත්සාහ කරන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
186 Views
Comments