නවසීලන්ත පිළට ලකුණු 285 ක ඉලක්කයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

නවසීලන්ත පිළට ලකුණු 285 ක ඉලක්කයක්

නවසීලන්ත පිළට ලකුණු 285 ක ඉලක්කයක්

නවසීලන්ත පිල සමග පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302 ක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

 

මෙම ඉනිම තුළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් රැස් කිරීමට සමත් වූ අතර, ඉනිම අවසන් වන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47 ක් රැස්කරගෙන සිටියේය.

 

පන්දු යැවීමේදී බ්ලේයාර් ටික්නර් කඩුලු 04 ක්, මැට් හෙන්රි කඩුලු 03 ක් සහ ටිම් සවුති කඩුලු 02 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට  දායක වූ අතර, මේ වන විට ජයග්‍රහණය පසුපස හඹායමින් සිටින නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 285 ක ඉලක්කයක් ලැබී තිබේ.

views

189 Views

Comments

arrow-up