ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක දිනයට වර්ෂාවෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසාන දිනය වන්නේ අදයි. වර්ෂාව හේතුවෙන් අද දින තරගයට බාධා එල්ල වී ඇති බව ආරංචි මාර්ග පවසයි.
ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 17කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස් කරගෙන සිටි අතර නොදැවී කඩුල්ලේ රැදී සිටි ටොම් ලැතම් ලකුණු 11ක් ද කේන් විලියම්සන් නොදැවී ලකුණු 7ක් ද ලබා ගන්නා ලදී.
මෙම තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355ක් රැස්කර ගෙන සිටි අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 373ක් රැස් කර ගැනීමට සමත් විය. සිය දෙවෙනි ඉනිමේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 302ක් පමණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු 285ක ඉලක්කයකට මුහුණ දීමට සිදුවී තිබෙන අතර ඒ අනුව තරගය ජය ගැනීමට නම් නවසීලන්ත කණ්ඩායමට අද දිනය තුළදී තවත් ලකුණු 257ක් රැස් කර ගැනීමට සිදු වන බව සඳහන් කර සිටියි.
252 Views
Comments