විනිසුරු තීරණ අභියෝගයට ලක් කරමින් ක්‍රිකට් පිටියට එන අලුත්ම නීතිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

විනිසුරු තීරණ අභියෝගයට ලක් කරමින් ක්‍රිකට් පිටියට එන අලුත්ම නීතිය

විනිසුරු තීරණ අභියෝගයට ලක් කරමින් ක්‍රිකට් පිටියට එන  අලුත්ම නීතිය

ක්‍රිකට් පිටියේ විනිසුරු තීරණය අභියෝගයට ලක් කරමින් නව නීතියක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා සිටී.

 

ඒ අනුව වයිඩ් පන්දු සහ නිපන්දු අවස්ථාවන්හිදී විනිසුරු තීරණය අභියෝගයට ලක්කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වේ.

 

මෙම නව නීතිය ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වරට භාවිතයට ගැනීමට නියමිතයි. අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් පිරිමි ක්‍රිකට් තරගාවලියේදී භාවිතයට ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසා සිටී.

 

මෙමගින් විනිසුරුවරයාගේ කාර්යභාරය තවදුරටත් ලිහිල් වීමක් සිදුවන අතර වඩාත් නිවැරදි තීන්දු තීරණ ගැනීමට අවස්ථාව හිමිවන බව ක්‍රිකට් විචාරකයින් අදහසයි.

views

199 Views

Comments

arrow-up