ශ්‍රී ලංකා පාපන්දු සංගමයෙන් හතර දෙනෙක් හැලෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ශ්‍රී ලංකා පාපන්දු සංගමයෙන් හතර දෙනෙක් හැලෙයි

ශ්‍රී ලංකා පාපන්දු සංගමයෙන් හතර දෙනෙක් හැලෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවෙන් සිව්දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

 

ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් ඉන්දික තේනුවර මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එහි සභාපති ශ්‍රී රංගා මහතාට යොමු කර තිබු අතර පසුව උප සභාපතිවරුන් වන සී. දීපිකා කුමාරි හා සමන් දිල්හාන් නාගහවත්ත යන මහත්ම මහත්මීන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබේ. මීට අමතරව පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික ටී. සුදාකර් මහතාද සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට යොමු කර ඇත.

 

පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාමේ අවදානමක් මතුවී ඇත්තේ, පසුගිය ජනවාරි 14 වනදා පැවැත්වූ නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් ඉල්ලා අස්වීම හේතුවෙනි. මෙසේ විධායක සභාවේ සාමාජිකයින් ඉල්ලා අස්වීම නිසා ගණපූර්ණය බිඳවැටීම හේතුවෙන් පාපන්දු සම්මේලනයේ කටයුතු පවත්වාගැනීමට අපහසුවක් ඇති වී තිබේ.

 

පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සාමාජිකයින් ගණන 11 ක් වුවත් ජනවාරි 14 වැනිදා පැවැත් වූ නිලවරණයෙන් පත්වූයේ සාමාජිකයින් 8 දෙනෙකු පමණි. ගණපූරණය අවම ලෙස පවත්වාගෙන යෑමට විධායක සාමාජිකයින් 6 දෙනෙකු අවශ්‍ය වන අතර සාමාජිකයින් 4 දෙනෙකු ඉල්ලා අස්වීම නිසා දැන් ඉතිරිව ඇත්තේ තවත් 4 දෙනෙකු පමණි. මේ අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ජනවාරි 21 වනදා සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමක් ද පනවා තිබේ.

views

205 Views

Comments

arrow-up