තර්ස්ටන් - ඉසිපතන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම අදයි

අද කොළඹ එස්එස්සී පිටියේ දී පාසල් මහ ක්‍රිකට් තරග සමය ආරම්භ කරමින් කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල සහෝදරයන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමයට පිවිසෙයි. මෙය බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන්නේ 60 වැනි වරට වන අතර දෙදින තරගයක් වේ.
මෙවර තරගයේදී තර්ස්ටන් විදුහල් කණ්ඩායමට තෙවැනි වසරේ වර්ණලාගියකු වන කඩුලු රකින පිතිකරු ශානික්‍ය දේශප්‍රියගේ නායකත්වය දෙන අතර, ඉසිපතන කණ්ඩායම නවීන් කනිෂ්ක මෙහෙයවයි. මේ තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීමට මෙතෙක් පැවති තරග අතුරින් 6 ක් ජය ගනිමින් තර්ස්ටන් විදුහල සමත්ව ඇති අතර, ඉසිපතන විදුහල ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 4 කි. තරග 48 ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.
2019 වසරේදී මේ තරගය අවසන් වරට විසඳුමක් සහිතව නිමා වූයේ ය. එහිදී සඳරු ඩයස්ගේ නායකත්වයෙන් තරග කළ තර්ස්ටන් ක්‍රීඩකයෝ කඩුලු 10 ක ජයක් හිමි කර ගැනීමට සමත් වූහ. 1999 වසරේ දී ඉසිපතන අවසන් ජය වාර්තා වන්නේ ක්‍රිශාන්ත ජයවර්ධනගේ නායකත්වයෙනි.
240 Views
Comments