FEB
18
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල බීච් වොලිබෝල් තරගාවලියේ ජය ප්‍රංශයට

ප්‍රංශ කණ්ඩායම් විසින් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) බීච් වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ ද්විත්වයේම ශූරතා දිනා ගැනීමට සමත් විය.
ඊයේ මීගමුව වෙරළ තීරයේදී පැවති කාන්තා අවසන් තරගයේ දී ප්‍රංශ පිල හමුවේ වට 2-0 ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ අතර පිරිමි අවසන් තරගයේදී ජර්මනිය වට 2-1 ක් ලෙස පරාජය කිරීමට ප්‍රංශය සමත් විය. පිරිමි තරගයේ ලකුණු තත්ත්වය 21-19, 17-21 ක් සහ 15-10 ක් ලෙස සටහන් වූ අතර, කාන්තා තරගය 21-9 හා 21-14 ක් ලෙස නිමා විය.
201 Views
Comments