ධනුෂ්ක, සචිත්‍ර සහ නුවන් සොයිසා ගේ SSC ක්‍රීඩා සමාජ සාමාජිකත්වය අහෝසියි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

ධනුෂ්ක, සචිත්‍ර සහ නුවන් සොයිසා ගේ SSC ක්‍රීඩා සමාජ සාමාජිකත්වය අහෝසියි

ධනුෂ්ක, සචිත්‍ර  සහ නුවන් සොයිසා ගේ SSC ක්‍රීඩා සමාජ සාමාජිකත්වය අහෝසියි

ධනුෂ්ක ගුණතිලක, සචිත්‍ර සේනානායක සහ නුවන් සොයිසාගේ ක්‍රීඩා සමාජ සාමාජිකත්වය තහනම් කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය කටයුතු කර තිබේ.

 

ඒ අපකීර්තිමත් හැසිරීම යන කරුණ හේතු කරගනිමිනි.

 

ඒ අනුව මොවුන්ගේ සමාජිකත්වය අහෝසි කරන්නේද යන්න සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ අතර කාලයේදී දින 14ක් තුළ ‍නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක්ද ලබා දී ඇති බවත් සඳහන් වේ.

 

මෙලෙස තහනමට ලක්විය යුතු සාමාජිකයන්ගේ ලැයිස්තුවට සනත් ජයසූරියගේ නමද ඇතුළත්ව තිබී ඇතත්, ඔහු ක්‍රීඩා සමාජ සමාජිකත්ව ගාස්තු ගෙවා නොමැතිවීම මත මේ වන විටද ඔහුගේ ද සාමාජිකත්වය ඉබේම අහිමිව ඇති බව හෙළිවීමත් සමග සනත් ජයසූරියගේ නම ද මෙම ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

views

219 Views

Comments

arrow-up