ඇන්ජලෝ මැතිව්ස් වසර දෙකකට පසු යළිත් ජාත්‍යන්තර පිටියට

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එළඹෙන නවසීලන්ත තරග සංචාරයේ එක් දින තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක් වීමට නියමිත බවයි. ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 218 කට ක්‍රීඩා කර ඇති අතර ඔහු අවසන් වරට එක් දින ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කරන ලද්දේ 2021 වසරේ මාර්තු මාසයේදීය.
වසර දෙකකට පමණ පසුව යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට පැමිණීමට නියමිත මේ පළපුරුදු ක්‍රීඩකයා එක්දින ලකුණු 5853 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කර ගෙන ඇත. ඊට ශතක තුනක් සහ අර්ධ ශතක 40 ක් අන්තර්ගත වේ. ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්ත සංචාරයේදී එක්දින තරග සඳහා යෙදවීමට පෙර පසුගියදා පැවැති එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව එක්දින තරග දෙකකට ද සහභාගී වූයේය.
අනතුරුව ඔහු නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කර පවත්වන ලද රදැල්ලේ පුහුණු සංචිතය හා එක් වූයේ එංගලන්ත දෙවන තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්වූ නිසා ය.
215 Views
Comments