ශ්‍රී ලංකාවට අද ගෞරවය රැක ගැනීමේ සටනක

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගය තිරුවනන්තපුරම්හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද(15) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරගාවලියේදී එක් ජයක් සමඟින් පිල 2-1කින් එම තරගාවලිය නිමා කළ අතර, මේ වන විට ඉන්දියාව 2-0ක් ලෙස එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් වී තිබෙනවා.
එබැවින් හෙට තරගය ජය ගනිමින් පූර්ණ පරාජයෙන් ගැලවීමේ අභියෝගය ශ්‍රී ලංකා පිලට එල්ල වී තිබේ.
පෙරේදා තරගයෙන් අනතුරුව නායක දසුන් ශානක පැවසුවේ තම කණ්ඩායම තරගයේ සිටියත් අවශ්‍ය තරම් ලකුණු රැස් කර නොමැති බවයි.
173 Views
Comments