ජාත්‍යන්තර කෝෆ්බෝල් ක්‍රීඩකයින් පිරිසක් හොංකොං සිට දිවයිනට

හොංකොං චයිනා රාජ්‍යයේ ‘හැමසිං‘ කෝෆ්බෝල් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 9 දෙනකු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්‍රථම ජාත්‍යන්තර කෝෆ්බෝල් කණ්ඩායමේ සංචාරය සඳහා පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියහ.
ශ්‍රී ලංකා කෝෆ්බෝල් ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් සහ සංවර්ධන ප්‍රධානී පුෂ්පකුමාර මදුරප්පෙරුම මහතා පැවසුවේ, කෝෆ්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සහ ශ්‍රී ලංකා කෝෆ්බෝල් අවුරුදු 19 න් පහළ කණ්ඩායම, බෙල්ජියමේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගි වීමට පෙර, ඔවුන්ට අවශ්‍ය අත්දැකීම් සහ පුහුණුව ලබා දීම මේ සංචාරයේ අරමුණ බව යි.
කෝෆ්බෝල් ක්‍රීඩාව 1902 වසරේ දී නෙදර්ලන්තයෙන් ආරම්භ වී තිබේ. එය ලෝකයේ පැරණිතම මිශ්‍ර ක්‍රීඩාවක් වේ. කෝෆ්බෝල් ක්‍රීඩාව සඳහා එක් පිලකට කාන්තාවන් සිව් දෙනකු සහ පිරිමි සිව් දෙනකු ලෙස ඇතුළත් වන අතර, ඔවුන් එකිනෙකාගේ ඇඟේ නොගැටෙමින් ක්‍රීඩා කළ යුතුය. ඊයේ ගම්පහ නගර සභා ක්‍රීඩා පිටියේ දී හොංකොං කෝෆ්බෝල් කණ්ඩායම දිවා සහ රාත්‍රී තරග දෙකකට එක් විය. අද කොළඹ ලුම්බිණි විදුහලේදීත්, හෙට (26) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීත් පුහුණු තරග වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
160 Views
Comments