ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය නම්කර තිබේ.
එයට පිතිකරුවන් 7ක්, වේගපන්දු යවන්නන් 9ක්,දඟපන්දු යවන්නන් 3ක්, කඩුලු රකින්නන් 3ක් හා තුන් ඉරියව් ක්‍රීඩකයින් 8 දෙනෙක් ඇතුළත්ව සිටී.
ආබාධයට ලක්ව සිටි දුෂ්මන්ත චමීර මාස 7කට පසු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.
කුසල් ජනිත් පෙරේරා වසර දෙකකට පසු එක්දින සංචිතයට කැඳවා ඇති අතර ඇන්ජලෝ මැතිව්ස්ද මූලික සංචිතයට ඇතුළත්ය.
30 දෙනෙකුගෙන් යූත් මෙම මූලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇෆ්ගනිස්තාන තරගාවලියට නම් කිරීමට නියමිතය.
197 Views
Comments