ගුජරාටි පිළ හා හයිද්‍රාබාද් පිළ ජය වාර්තා කරයි

2023 IPL තරගාවලියේ තවත් තරග 2 ක් ඊයේ ක්‍රියාත්මත වූ අතර එහිදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කරන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකි විය. IPL තරග ඉතිහාසයේ පළමු වරට සහෝදරයින් දෙදෙනෙකු විසින් කණ්ඩායම් දෙකේ නායකත්වය දැරූ අතර ඒ පාණ්ඩ්‍යා සහෝදරයින් වන හර්දික් සහ කෘනාල් වේ.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 2 ක් දැවී ලකුණු 227ක් රැස් කළ අතර ශුබ්මන් ගිල් ලකුණු 94 ක් සහ විදිමන් සාහා ලකුණු 81 ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 171 ක් පමණි.
කුයින්ටන් ඩී කොක් ලකුණු 70 ක් ද කයිල් මේයර්ස් ලකුණු 48 ක් ද ලබා ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමග ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට IPL ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ රැක ගන්නට සමත් විය.
ඊයේ පැවති අනෙක් තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු 4 ක තියුණු ජයක් වාර්තා කළේය. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 2 ක් දැවී ලකුණු 212 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 217ක් රැස් කර ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තේය.
218 Views
Comments