ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව ධනවත්ම ක්‍රීඩකයා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව ධනවත්ම ක්‍රීඩකයා වෙයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව ධනවත්ම ක්‍රීඩකයා වෙයි

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබේ.

 

පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම ඩොලර් මිලියන 136 ක් ලෙස එහි සටහන්වේ.

 

2023 වසරේදී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුව ඔහු මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

 

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසී පසුවන බව සඳහන් වේ.

 

ඔහුගේ පසුගිය මාස 12 තුළ ආදායම ඩොලර් මිලියන 130 ක් ලෙස දැක්වේ.

 

ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියාන් තුන්වන ස්ථානයේ පසුවන බව සඳහන් වේ.

views

282 Views

Comments

arrow-up