ශ්‍රී ලංකා පිල වාඩුව ගනී - අයර්ලන්තයට එරෙහිව දරුණු ප්‍රහාරයක්

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 704 ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකාව කණ්ඩායම තීරණය කරන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකාව අයර්ලන්තයේ පළමු ඉනිමට වඩා ලකුණු 212 ක් ඉදිරියෙන් සිටී.
මෙම ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය 15 වන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් හයේ පහර 11 ක් ඇතුළත් ලකුණු 245 ක වර්ණවත් ඉනිමක් ක්‍රීඩා කළේය.
එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටෙස්ට් ඉනිමකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.
නිශාන් මධුෂ්ක ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 205 කින් දායක වූ අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් රැස්කරගන්නට සමත් විය.
233 Views
Comments