ලංකාවේ රග්බි ගොඩගන්න ඇමති රොෂාන්ගෙන් උත්සහයක්

වාරිමාර්ග හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ දින ඩුබායිහි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේදී එහි සභාපති කයිස් අල් දායි හමුවී ඇත. ඒ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පත්කළ ස්ථාවරකරණ කමිටුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය වසර ගණනාව පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම, ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් යන කරුණු ඇතුළත්ව සිදුකරන ලද ක්‍රියාවන් ගණනාවක් හේතුවෙන් ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදැහත්වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.
ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව කයිස් අල් දලායි ප්‍රකාශ කර තිබේ.
පසුගිය 12 වන දින තමන් විසින් කරුණු පැහැදිලි කර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි ක්‍රිඩාවේ අභීවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය සමග සමීපව වැඩ කටයුතු කිරීමට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
261 Views
Comments