අන්තර් පාසල් සත් සාමාජික හොකී තරගාවලියේ ශූරතාව කිංස්වුඩ් පිලට

“රිට්ස්බරි සෙවන්ස්” අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ බාලක සත් සාමාජික හොකී තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමනු ලබන ඒ. ජේ. විජේසිංහ කුසලානයට හිමිකම් කියන්නට මහනුවර කිංග්ස්වුඩ් විදුහල පසුගියදා සමත් විය.
එහි අනුශූරතාව ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල විසින් හිමිකර ගන්නා ලද අතර දෙවන අනුශූරතාව කොළඹ ආනන්ද විදුහල සතු කරගන්නා ලදී.
මෙවර දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇලෝෂියස් විදුහලේ කුෂාන් හිරුන්දික තිළිණ ලැබූ අතර කිංග්ස්වුඩ් විදුහල නියෝජනය කළ ජේ. ඒ. වන්නිනායක ක්‍රීඩකයා දක්ෂතම ගෝල් රකින්නා ලෙස සම්මාන ලැබීය.
මාතලේ හින්දු විදුහලේ ආර්. කෝගුල් ක්‍රීඩකයා අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයා ලෙස නම් කෙරුණි.
262 Views
Comments