රෝයල් චැලෙන්ජර්ස් පිලට තවත් ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

රෝයල් චැලෙන්ජර්ස් පිලට තවත් ජයක්

රෝයල් චැලෙන්ජර්ස් පිලට තවත් ජයක්

ඊයේ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස්  කණ්ඩායම අතර පැවති  අයිපීඑල්  තරගයෙන් ලකුණු 24  ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බැංගලෝර් කණ්ඩායමට හැකි විය.

 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම  නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර පන්ජාබ් කණ්ඩායම ට පන්දුවාර 18.2 ක දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

 

මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංග සිය පන්දු වාර හතර තුළදී කඩුලු දෙකක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහු පන්ජාබ් කණ්ඩායමේ නායක සෑම් කරන් දුවද්දී දවා ගැනීම සඳහා විශිෂ්ට පන්දු රැකීමක ද නිරත විය.
 

views

249 Views

Comments

arrow-up