ලෝක චෙස් ශූරතාවලියට යන්න සැරසෙන ගම්පහ යශෝදරාවේ දියණිය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

ලෝක චෙස් ශූරතාවලියට යන්න සැරසෙන ගම්පහ යශෝදරාවේ දියණිය

ලෝක චෙස් ශූරතාවලියට යන්න සැරසෙන ගම්පහ යශෝදරාවේ දියණිය

ශ්‍රී ලංකා චෙස් සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ලෝක පාසල් විශේෂ තේරීම් තරගාවලියේ වයස 17 න් පහළ චෙස් ශූරයන් අතරට තේරී පත් වූ ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පී. ඒ. සනුගි බිමංසා කරුණාරත්න ශිෂ්‍යාව මේ මස 14 වෙනි දින සිට 24 වෙනි දින දක්වා ග්‍රීසියේ පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටී.

 

ඇය ශ්‍රී ලංකා පාසල් චෙස් කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කරන අතර, 2022 වසරේ ගම්පහ දිස්ත්‍රික් පාසල් චෙස් තරගාවලියෙන් ප්‍රථම ස්ථානයත් එම වසරේම ආසියානු පාසල් චෙස් තරගාවලියෙන් 19 වෙනි ස්ථානය ද හිමි කරගෙන තිබේ.
 

views

222 Views

Comments

arrow-up