කාන්තාවන් සටන් වදින සුපිරි තායි බොක්සිං තරගාවලියක් රාජකීය විද්‍යාලයේදී

ලෝක බොක්සිං කවුන්සිලයේ ශ්‍රී ලංකා සංගමය සහ ශ්‍රී ලංකා මු(ආ)යි තායි සංගමය එක්ව, කාන්තා මු(ආ)යි තායි තරගාවලියක් එළඹෙන අප්‍රේල් 29 වැනිදා සවස 4.30 සිට රාත්‍රි 8.30 දක්වා කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
පුණ්‍ය කටයුත්තක් ලෙස සංවිධානය කෙරෙන මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම මහරගම අපේක්ෂා රෝහලේ පියයුරු පිළිකා අංශයට පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබෙන බව, ලෝක බොක්සිං කවුන්සිලයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති රොෂාන් දුමින්ද මහතා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කොට සිටියේය.
එම සංගමයේ ලේකම් චමිල නිශාන්ත මහතා, එම සංගමයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු විමුක්ති අබේනායක මහතා, මු(ආ)යි තායි ක්‍රීඩිකාවන් දෙදෙනකු වන හංසනා සහ වින්දුලා මහත්මීන් සහ ජාත්‍යන්තර මු(ආ)යි තායි තරග විනිසුරුවරියක් වන නිලූකා පතිරණ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියහ.
221 Views
Comments