අයර්ලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සංචිතය නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

අයර්ලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සංචිතය නම් කෙරේ

අයර්ලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සංචිතය නම් කෙරේ

අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ද පළමු තරගයට ක්‍රීඩා කරන ලද සංචිතයම නම් කොට තිබෙන බව වාර්තා වේ.

 

මෙම සංචිතය සඳහා පළමු වතාවට පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ඇතුළත් වුවත් ඔහුට පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වූයේ නැත.

 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම, දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, නිශාන් මධුශ්ක, දුශාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

 

ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
 

views

259 Views

Comments

arrow-up