ආරක්ෂක සේවා රග්බි පිලට ඉන්දීය ජාතික පිල පරදවමින් තියුණු ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ආරක්ෂක සේවා රග්බි පිලට ඉන්දීය ජාතික පිල පරදවමින් තියුණු ජයක්

ආරක්ෂක සේවා රග්බි පිලට ඉන්දීය ජාතික පිල පරදවමින් තියුණු ජයක්

රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී, ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම අතර පසුගියදා පැවති සුහද රග්බි තරගයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගන්නා ලදී.

 

මෙම තරගයේදී ඉන්දීය රග්බි කණ්ඩායමේ නායකත්වය විකාස් කට්ටි විසින් දරන ලද අතර, ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිළිණ වීරසිංහ විසින් දරන ලදී.

 

ඉන්දීය ජාතික කණ්ඩායම ලකුණු 30 ක් ලබාගත් අතර, ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම ලකුණු 31 ක් ලබාගනිමින් ජය අත් කරගන්නා ලදී.

 

ශ්‍රී ලංකාවේ පුහුණු සංචාරයක නිරතව සිටින ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම, පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදා, ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමග පුහුණුවීම් සඳහා සහභාගි වීමෙන් අනතුරුව මෙම තරගයට සහභාගි වූ බව වාර්තා වන අතර, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩි, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් මෙන්ම රග්බි ස්ථාවරකරණ කමිටු සභාපති චූලා ධර්මදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී තිබේ.
 

views

222 Views

Comments

arrow-up