රාජස්ථාන් පිල පරදවමින් හයිද්‍රාබාද් කණ්ඩායමට තියුණු ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

රාජස්ථාන් පිල පරදවමින් හයිද්‍රාබාද් කණ්ඩායමට තියුණු ජයක්

රාජස්ථාන් පිල පරදවමින් හයිද්‍රාබාද් කණ්ඩායමට තියුණු ජයක්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් කඩුළු 4ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමු පන්දුවට පහරදී ලකුණු 214 ක් ලබාගත් අතර, එම ඉලක්කය හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රාහි ලකුණ වාර්තා කරමින් ජය ලැබීමට සමත් විය.

 

අවසන් පන්දුවාර දෙකේදී හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 41 ක් අවශ්‍ය වූ අතර තරගයේ 19 වන පන්දුවාරයේදී ග්ලෙන් පිලිප්ස් විසින් කුල්දීප් යාදව් ගේ පන්දු වලට පිට පිට හයේ පහර තුනක් සහ හතරේ පහරක් එල්ල කරමින් හයිද්‍රාබාද් පිලේ ජය මාවත හෙළි කරන ලදී.

 

views

220 Views

Comments

arrow-up