ශ්‍රී ලංකා රග්බි තවමත් අර්බුද මැද

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද රගර් ස්ථාවරකරණ කමිටුව තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර රගර් සම්මේලනයට ලිපියක් මගින් දැනුම් දී ඇත.
එම ලිපිය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව යොමුකර තිබේ.
අදාල ලිපිය මගින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මේ වනවිට විසුරුවා ඇති නිලවරණයෙන් බලයට පත් වූ කමිටුව පමණක් තමන් පිළිගන්නා බවයි.
තවද එම ලිපියේ පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ආසියානු ඔලිම්පික් කමිටුව, ආසියානු රගර් සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යංශය වෙත ද යොමුකර ඇති බව වාර්තා වේ.
219 Views
Comments