ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න අද විශේෂ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න අද විශේෂ සාකච්ඡාවක්

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න අද විශේෂ සාකච්ඡාවක්

අලුතින් පිහිටුවන ලද ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයින් අද දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමු වී තිබේ.

 

 

ආරංචි මාර්ගවලට අනුව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සනත් ජයසූරිය (කමිටු සභාපති), ෆර්වීස් මහරුෆ්, චරිත් සේනානායක, අසන්ත ද මෙල් සහ කපිල විජේගුණවර්ධන යන සාමාජිකයින් පස්දෙනාටම මෙම රැස්වීමට ආරාධනා කර ඇත.

 

 

මෙම කමිටුව විසින් ඔවුන්ගේ යෝජනා හා ඉදිරි සැලසුම් සෘජුවම අමාත්‍යාංශයට ලබා දෙනු ඇති'මුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවැරදි යෝජනා ක්‍රියාවට නැංවීම පිළිබඳව සහතික කිරීම අමාත්‍යවරයාට භාර වනු ඇත.

views

242 Views

Comments

arrow-up