බංගලාදේශ ශ්‍රී ලංකා යුවතියන්ගේ පළමු ක්‍රිකට් ගැටුම අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

බංගලාදේශ ශ්‍රී ලංකා යුවතියන්ගේ පළමු ක්‍රිකට් ගැටුම අදයි

බංගලාදේශ ශ්‍රී ලංකා යුවතියන්ගේ පළමු ක්‍රිකට් ගැටුම අදයි

සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(28) පැවැත්වෙන අතර චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා සංචිතයට ඉනෝකා රණවීර,හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි සහ ඕෂදී රණසිංහ ඇතුළු ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඇතුළත් ය. 

 

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ නිගාර් සුල්තානා වන අතර එම සංචිතයට ලතා මොන්ඩාල්, මුර්ෂිදා ඛාතුන්, රිතු මෝනි ඇතුළුව ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වෙයි.

 

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර මේ දක්වා පවත්වා තිබෙන්නේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පමණක් බවත් එම තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගෙන ඇති බවත් සඳහන් වන අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

views

288 Views

Comments

arrow-up