ආර්ශ්දීප්ගේ විශිෂ්ඨ පන්දු යැවීම පංජාබ් පිලට ජය ගෙනේ

පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 13 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම රැස් කළ ලකුණු 214 ක ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරය වන විට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 16 ක් ලබාගත යුතු වූ අතර, අවසන් ඕවරය යැවූ ආර්ශ්දීප් සිං විසින් ටිලක් වර්මා ගේ සහ නෙහාල් වදේරා ගේ කඩුලු දෙක පිට පිටම දවා ගනිමින් පංජාබ් පිළට ජය ගෙනදීමට සමත් විය.
286 Views
Comments