ක්‍රිකට් වංශකතාවේ පුරාවෘත්තයක අනාගත සලකුණ IPL සටනේ

ඉන්දීය විශිෂ්ටතම පිතිකරුවකු වන සචින් තෙන්දුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්දුල්කාර් සිය මංගල IPL තරගයට සුදුසුකම් ලබා ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවර තරගාවලිය වෙනුවෙන් පිය - පුතු දෙපළම එකම කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කිරීමය.
ඊයේ රාත්‍රියේදී අර්ජුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදුණි.
23 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අර්ජුන් ඊයේ තරගයේදී ලකුණු 17 ක් පමණක් ලබාදී පන්දුවාර 2 ක් යොමු කිරීමට සමත් විය.
තරග ආරම්භයට පෙර ක්‍රීඩාව වෙනුවෙන් දිගින් දිගටම කැපවීමෙන් හා මහන්සි වෙමින් එයට ගරු කරමින් පුහුණුවීම් සිදු කරන ලෙස අර්ජුන් හට උපදෙස් ලබා දුන් බව සචින් තෙන්දුල්කාර් විසින් සිය ට්විටර් ගිණුමේද සඳහන් කර තිබිණි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් රුපියල් ලක්ෂ 20 කට අර්ජුන්ව මිලට ගෙන ඇති අතර IPL තරගයක් වෙනුවෙන් එක්ව තරග වදින පළමු පිය - පුතු දෙපළ ලෙස සචින් හා අර්ජුන් ක්‍රිකට් ඉතිහාසයට එක් වේ.
237 Views
Comments