මධ්‍යම ආසියා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාවත් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

මධ්‍යම ආසියා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාවත් යයි

මධ්‍යම ආසියා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාවත් යයි

ආසියානු කලාපයේ රටවල් 8ක් තරග වදින මධ්‍යම ආසියා අභියෝග ශූරතා කාන්තා වොලිබෝල් තරගාවලිය එලඹෙන මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව "බී" කාණ්ඩය යටතේ තරග වදින අතර උස්බෙකිස්තානය, මාලදිවයින සහ කසකස්තානය එම කාණ්ඩයට අයත් සෙසු රටවල් වේ. "ඒ" කාණ්ඩය යටතේ නේපාලය, කිරිගිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව තරග වදී.

 

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සහ නේපාල වොලිබෝල් සම්මේලනය ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය මැයි මස 22 සිට 28 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන බව වාර්තා වේ.

 

අදාළ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ පුහුණු සංචිතය දැන් ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 30 දාට පෙර එම අවසන් දොළොස් දෙනාගේ සංචිතය තෝරා ගැනීමට නියමිත වේ.

views

399 Views

Comments

arrow-up