2022 ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉතිරි කොටස ලබන මාසයේ

ආර්ථික අර්බුදය හේතුවෙන් කල් දැමුණු 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉතිරි ක්‍රීඩා ඉසව් 27 ක් එළඹෙන මැයි මස 11 සිට අගෝස්තු මස 06 දක්වා කොළඹ, පොළොන්නරුව, අනුරාධපුර, මීගමුව ඇතුළු නගර කිහිපයක් කේන්ද්‍රකොටගෙන පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කොට ඇති බව වාර්තා වේ.
රට තුළ පැවති කොරෝනා තත්ත්වය හේතුවෙන්, 2019 වසරෙන් පසු ජාතික ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට නොහැකි වූ අතර, 2022 වසරේදී පැවැත්වීමට සැලසුම් කරන ලද ක්‍රීඩා උළෙල මූල්‍ය ගැටළු හේතුවෙන් අතරමගදී කඩාකප්පල් වී ගියේ මැරතන්, පාපැදි සහ ඇවිදීමේ තරගය යන තරග ඉසව් තුන පමණක් පවත්වා තිබියදීය.
එලෙස පැවැත්වීමට නොහැකි වූ ඉතිරි ක්‍රීඩා ඉසව් 27 පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව පැවසෙන අතර, ඒ අනුව අවම මුදලක් වැය කරමින් ක්‍රීඩා උළෙල සම්පූර්ණ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැනට සැලසුම් කොට තිබෙන බව ආරංචි මාර්ග කියා සිටී.
231 Views
Comments