ලකුණු 591 ක් රැස්කළ ශ්‍රී ලංකා පිල ඉනිම අත්හිටුවයි

අයර්ලන්තය සමග පැවැත්වෙමින් තිබෙන ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ කඩුලු 06 ක් දැවී ලකුණු 587 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 106 ක් සහ නවක ක්‍රීඩක සදීර සමරවික්‍රම ලකුණු 101 ක් ද නොදැවී ලබා ගත්හ.
මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්ත පිල පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් රැස්කොට ගෙන සිටී.
225 Views
Comments