වොලිබෝල් රැජින සමුගනී

1970 දශකයේ ශ්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමට නායකත්වය ලබාදුන් සොපායා ධර්මසේන ක්‍රීඩිකාව ජීවන ගමනින් සමුගෙන ඇත.
1938 සැප්තැම්බර් මස 23 දින උපත ලැබූ සොපායා මිනුවන්ගොඩ නාලන්දා විදුහලින් වොලිබෝලයට අත් පොත් තැබූ අතර 1973 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කේරළ කණ්ඩායම සමග පැවති තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් පිදුම් ලැබීමට ද භාග්‍යය ලැබූ ඇය වොලිබෝල් ක්‍රීඩාවට අමතරව ජාතික නෙට්බෝල් කණ්ඩායමද නියෝජනය කළ අතර 1963 වර්ෂයේදී එංගලන්තයේ පැවති ප්‍රථම ලෝක කුසලාන නෙට්බෝල් ශූරතාවයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළාය.
1975 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි සිෂෙල්ස් ජාතික නෙට්බෝල් කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරග මාලාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් පිදුම් ලැබීමට ද ඇය සමත් වූවාය.
245 Views
Comments