ශ්‍රී ලංකා යුවතියෝ බංගලිදේශයට පරදී

සංචාරක බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග අද පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 6 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් රැස් කර ඇත.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 146 ක් රැස් කිරීමට සමත් වී තිබේ.
මේ අතර ලබන ජූනි 2, 4 සහ 7 යන දිනයන්හිදී සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සමග ඇෆ්ගනිස්ථානය තරග වදින එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතය.
294 Views
Comments