ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගතකිරීම් වල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගතකිරීම් වල ඉහළට

ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගතකිරීම් වල ඉහළට

අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

 

ප්‍රසාද ලකුණු 721 ක් ලබාගනිමින් ස්ථාන 06 ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙන ඔහු මේ වන විට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන බව සඳහන් වේ.

 

එසේම ප්‍රභාත් ජයසූරිය අප්‍රේල් මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ නිර්දේශිත නාම ත්‍රිත්වයටද ඇතුළත්ව තිබෙන බව වාර්තා වේ.

views

280 Views

Comments

arrow-up