ෆක්තාර් සමාන් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පැමිණීමට පාකිස්ථාන ක්‍රීඩක ෆක්තාර් සමාන් සමත්ව තිබේ.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙලෙස ස්ථාන අටක් ඉදිරියට පැමිණෙමින් දෙවන ස්ථානයට පත්වන්නට ඔහු සමත්ව තිබේ.
පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර, ෆක්තාර් සමාන් දෙවන ස්ථානයට පත්වීමත් සමග මීට පෙර එම ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක Rassie van der Dussen තෙවන ස්ථානයට පත්ව තිබෙන බව වාර්තා වේ.
208 Views
Comments