ලෝක කාන්තා එක්දින තරග ශ්‍රේණිගත කිරීම් වලින් චමරි අතපත්තු ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

ලෝක කාන්තා එක්දින තරග ශ්‍රේණිගත කිරීම් වලින් චමරි අතපත්තු ඉහළට

ලෝක කාන්තා එක්දින තරග ශ්‍රේණිගත කිරීම් වලින් චමරි අතපත්තු ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම කාන්තා එක්දින තරග ශ්‍රේණිගත කිරීම් වල ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.

 

චමරි කාන්තා එක්දින පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ හත්වන ස්ථානයට පත්ව ඇත. ඇය මීට පෙර පිතිකරණ ලැයිස්තුවේ අටවන ස්ථානයේ පසුවිණි. මීට අමතරව එම ශ්‍රේණිගත කිරීමට අනුව හර්ශිතා මාධවී සහ නිලක්ෂි සිල්වා ක්‍රීඩිකාවන් පිළිවෙලින් 36 වන සහ 48 ස්ථානයේ පසුවෙ.

 

ඇය එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල 64 වන ස්ථානයේ සිට ස්ථාන හයක් ඉදිරියට එමින් 58 වන ස්ථානය දක්වාද, එක්දින තරගවල තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 16 වන ස්ථානයේ සිට 13 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

views

325 Views

Comments

arrow-up