ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ රහසින් ගන්නා එන්නතක් ගැන හෙළි වේ

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතන් ශර්මා සිදුකළ ප්‍රකාශයකින් අනාවරණය වී ඇත්තේ, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැඟවීම සඳහා ශාරීරික යෝග්‍යතාව ඉහළ නංවන එන්නත් හොර රහසේ ලබාගන්නා බව ය.
මාධ්‍යවේදියෙක් ඉන්දියාවේ සී නිව්ස් නාලිකාවේ තේරීම් කමිටු සභාපතිවරයා සමග කළ සාකච්ඡාවක් රහසිගතව පටිගත කර එය ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග මේ වනවිට නිර්මාණය වී ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකි.
ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පලමු වරට 2022 දෙසැම්බර් මස 22 වැනිදා චේතන් ශර්මාව හමුවන අතර ඔහු නැවත දෙවන වරට 2023 වසරේ ජනවාරි 4 වැනිදා තේරීම් කමිටු සභාපතිවරයා හමුවී සාකච්ඡාවක් සිදුකර තිබේ. අදාළ මාධ්‍යවේදියා ඒ අවස්ථා දෙකේදීම එම සාකච්ඡා රහසිගතව පටිගත කර ඇත.
196 Views
Comments