දකුණු ආසියානු ක්‍රිකට් උන්මාදයට එක් වූ අලුත්ම රට මෙන්න

ක්‍රිකට් ක්‍රීඩාවේ අති දැවැන්තම ප්‍රේක්ෂක බලකාය සිටින්නේ දකුණු ආසියානු කලාපයේ යන වග අවිවාදයකින් තොරව ප්‍රකාශ කළ හැක්කේ ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය යන මේ කුමන රටක ක්‍රිකට් තරගයක් පැවතියත් අතුරු සිදුරු නොමැතිව ක්‍රීඩාගංණය ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී යන බැවිනි. මෙම රැල්ලට එක්වූ නවතම සාමාජික රට වන්නේ නේපාලයයි.
මේ දිනවල නේපාලයේ ලෝක කුසලාන සුපර් ලීග් දෙවැනි කාණ්ඩයේ තරග පැවැත්වෙන අතර එහි කීර්තිපූර්හි ත්‍රිභුවන් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ අද පැවති නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය නැරඹීමට අති විශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක් පැමිණ ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
201 Views
Comments