නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 335 ක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියළුදෙනා දැවී ලකුණු 355 ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ඊයේ තරගය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 46 ක් ලබාගැනීමට සමත් විය.
ටිම් සවුති ලකුණු 64 කට කඩුලු 5 ක් දවාගත් අතර මැට් හෙන්රි ලකුණු 80 කට කඩුලු 4 ක් ලබා ගත්තේය.
206 Views
Comments