JAN
16
ලබන වසරේ LPL තරඟාවලියට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්යයයි

ලබන වසරේ දී LPL තරඟ තිබේ නම් ඒ සඳහා අනිවාර්යෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
මෙතෙක් කල් පැවති LPL තරඟ, LPL ගිවිසුම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා තිබෙන බව අමාත්‍යවරයා පවසයි.
ළඟදී තිබූ LPL තරගාවලිය විදේශ ආයෝජකයකු විසින් සිදු කළ බැවින් එය කඩාකප්පල් කළ නොහැකි නිසා ඒ ආකාරයෙන්ම තරග කිරීමට අවස්ථාව දුන් බව ද අමාත්‍යවරයා පවසයි.
205 Views
Comments