ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න ඇමති රොෂාන්ගෙන් පියවර රැසක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලකයින් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවති අතර මෙරට ක්‍රිකට් ඉහළ නැංවීම සඳහා පරිපාලනමය වශයෙන් ගතයුතු තීරණ සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු විය.
ක්‍රීඩා පනතේ රෙගුලාසිවල සිදුකළ යුතු සංශෝධනයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කර ඇති අතර ජාතික ක්‍රීඩා සංගමයක තනතුරක් දැරිය හැකි උපරිම වයස් සීමාව අවුරුදු 70 කට සීමා කිරීම , සභාපති සහ අනෙකුත් පැවති තනතුරුවල කටයුතු කිරීමේ උපරිම කාලය ද වසර 04 කට සීමා කිරීම වැනි කරුණු මෙම නව සංශෝධනයන් අතරට ඇතුළත් විය.
කෙසේ වෙතත් පසුගිය මස 27 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඇතුළුව ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් සලකා බැලීමෙන් අනතුරුව ක්‍රීඩා රෙගුලාසිවල සිදුකළ සංශෝධනයන් තාවකාලිකව අත්හිටුවන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
266 Views
Comments