සිම්බාබ්වේට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට උන අකරතැබ්බය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

සිම්බාබ්වේට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට උන අකරතැබ්බය

සිම්බාබ්වේට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට උන අකරතැබ්බය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවීම වීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී ඔවුන්ට ලබාදී ඇති හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් පැය 3කට ආසන්න කාලයක් හෝටලය තුළ බිම වාඩි වී සිටිමට සිදුව තිබේ.

 

මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම දහවල් හෝටලයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පරීක්ෂා කිරීම ප්‍රමාද වීම මෙයට හේතුවී ඇති බවය.

 

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු ICC සමඟ එක්ව කෙටි කාලයක් තුළ ගැටලුව නිවැරදි කර ගැනීමට කටයුතු කළ බවද එම නිවේදනයේ දැක්වෙයි.

 

views

261 Views

Comments

arrow-up