ODI වැඩිම පරාජයන් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉහළින්ම

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවලදී කණ්ඩායමක් විසින් වැඩිම පරාජයන් ලැබූ ලැයිස්තුවේ ඉහළටම පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව මේ වන විට තරග 880කට ක්‍රීඩා කර ඇති අතර තරග 437ක් පරාජය වී ඇත. ජයග්‍රාහී ප්‍රතිශතය 47.74 කි. 1996 වසරේ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සිය රටේ එකම එක් දින ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරග 1022 කදී පරාජයන් 436 ක් ලබා එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයේ පසුවෙයි.ඉන්දියාව තරග 534ක් ද ජයග්‍රහණය කර ඇති අතර එය ඕනෑම රටක් විසින් ලබාගත් 2 වැනි ඉහළම ජයග්‍රහණ ප්‍රමාණය වේ. 2000න් පසුව ඉන්දියාව ICC කුසලාන 3 ක් දිනා ඇත.
158 Views
Comments