ඉන්දියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ඉන්දියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ඉන්දියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග ඉන්ඩෝර් හි පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

 

මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 76 ක පහසු ඉලක්කයක් ලැබී තිබුණු අතර මීට  ටික වේලාවකට පෙර ඔවුන් එම ලකුණු සංඛ්‍යාව රැස් කරගනිමින් තරගය ජයග්‍රහණය කළ බව වාර්තා වේ.


කෙසේ වෙතත් තරග 4 කින් සමත් විත වන මෙම ටෙස්ට් තරගාවලියේ ඉන්දියානු කණ්ඩායම තවමත් තරග දෙකට එකක් ලෙස පෙරමුණේ සිටියි.

 

ශ්‍රී ලංකාව මෙම ලෝක ශූරතා තරඟාවලිය තුළ රැඳී සිටීමට නම් මීළග තරගයේ  ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු  කණ්ඩායමට හිමි විය යුතු බව ක්‍රිකට් විචාරකයන්  සඳහන් කර සිටී.

views

210 Views

Comments

arrow-up