2023 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට සමත් විය.
ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය.
එහිදී පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය.
ඉන්දීය කණ්ඩායමට ඊට පිළිතුරු වශයෙන් සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296කි.
ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.
එහිදී ඉන්දීය කණ්ඩාය දෙවන ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 234ක් ලබා ගන්නා ලදී.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට 2023 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට හැකි වුණි.
177 Views
Comments