ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්තානය සමග පැවැති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගැනීමට සමත්විය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 42 යි එක් පන්දුවක් තුල සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 191ක් පමණි.

 

අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූ අතර දුෂ්මන්ත චමීර පන්දුවාර 7ක් යොමුකර ලකුණු 18ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

 

මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

views

215 Views

Comments

arrow-up