ශ්‍රී ලංකාවේ ශාරීරික අභියෝගතා සහිත ක්‍රිකට් පිලට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවේ ශාරීරික අභියෝගතා ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම දිවයිනට පැමිණියේය. ඒ, ශාරීරික අභියෝගතා සහිත ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග පන්දු වාර 20 තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුවය.
හිටපු අමාත්‍ය සරත් වීරසේකර සහ ශ්‍රී ලංකා අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ලක්ෂාන් ප්‍රනාන්දු ඇතුළු පිරිස ඔවුන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ සිටියේය.
ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත කණ්ඩායම ජය ගත්තේ තරග තුනට බිංදුවක් ලෙස වන අතර මීළඟ ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනා වී ඇති බව ද සදහන් වේ.
171 Views
Comments