කිවි - සිංහ ගැටුමේ නවතම තතු

සංචාරක ශ්‍රී ලංකා පිල සහ නවසීලන්ත පිල අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් නවසීලන්තය පන්දුවට පහරදුන් අතර, පළමු දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් රැස්කරගැනීමට සමත්ව සිටී.
නවසීලන්ත ඉනිම වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ ලකුණු 78 ක් රැස්කළ අතර පන්දු 108 ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය.
පන්දු යැවූ ධනංජය ද සිල්වා අතටම උඩපන්දුවක් ලබාදෙමින් කොන්වේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ටොම් ලේතම් ලකුණු 21 ක් රැස්කර සිටියදී දවා ගැනීමට කසුන් රාජිත සමත් වූ අතර, නොදැවී පන්දුවට පහරදෙමින් සිටින කේන් විලියම්සන් ලකුණු 26 ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 18 ක් රැස්කරගෙන සිටී.
214 Views
Comments