ලෝක කුසලාන සත්කාරකත්වය බෙදා ගන්න ඉන්දියාව හා පකිස්ථානය කඹ ඇදිල්ලක

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තම රටට ලබා ගැනීමට පකිස්ථානය උත්සාහ කිරීමේ පසුබිමක් තුළ, ලබන ඔක්තෝබර් පස් වන දින ඉන්දියාවේ එය ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින නමුත්, එය තවමත් නිල නිවේදනයක් ලෙසට ප්‍රකාශයට පත් වී නැති බව වාර්තා වේ.
දින හතළිස් හයක් පුරාවට පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් දහයක් නියෝජනය කරමින් කණ්ඩායම් දහයක් තරග වදින අතර තරග වට හතළිස් අටක් ඊට ඇතුළත් වන බවද, එහි අවසාන මහා තරගය නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
235 Views
Comments