ලක්මව රනින් සැරසූ හෂිනි අද දිවයිනට

සිංගප්පූරුවේදී වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්‍රීඩිකාව අද (2) අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඩුබායි හිදී ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරන ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මෙම කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ උස සෙන්ටිමීටර 163 පංතියේ “ස්පෝට්ස් මොඩල් ” අංශයෙන් තරඟ කළ ඇය එම ඉසව්වේ රන් පදක්කම මෙන්ම සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ද දිනා ගෙන තිබුණි.
ඇය මෙම ජයග්‍රහණ රැගෙන ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත අද (2) අලුයම 4.55 ට පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා, මව සහෝදර සහෝදරියන් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබේ.
237 Views
Comments